Sunday, August 20, 2017

නාවික හමුදාව ඇතුලේ සිතල යුද්ධය..... සත්‍ය සිදුවීම් 01

මේක සැබෑම සිදුවීමක්....  මේකට අදාල නිලදාරීන්, නැවියන්නි තාම සේවයේ ඉන්න නිසා නම් ගම් නැතුව කථා කරමු.


මම blog එක පටන් ගන්නේ කොහෙන්ද කියල හිත හිත ඉන්නකොට මේක ඔලුවට අවා. විචාරක තුමාගේ අඩවිය සම්පුරණයෙන් කියවල ඉවර වෙනකන් මට එතුමා ලියපු නැති ලිපියකට මාතෘකාවක් හොයාගන්න අපහසු නිසා මේක ලියන එක සුදුසුයි කියලා හිතුනා.

මේ කියන්නේ මගේ මතකයේ හැටියට 2000 වසරේ බුස්ස නාවික කදවුර කේන්ද්‍රකරගෙන සිද්ද වුන සිද්දියක්. ඔය කලේ කදවුර සහ ගම අතර තිබුණ හිත හොඳකම ටික ටික අපේ ගොයියලගේ හොඳ නිසා අඩුවෙලා තිබුනේ. කදවුරට විරුද්ධව ගම නැගිටින තත්වයක් තිබුනේ.

බුස්ස කියන්නේ navy එකට දකුණේ තිබුණ ලොකුම පුහුණු පාසැල. ඒ වගේම දකුණු නාවික විධානය පරිපාලන කටයුතු සිද්ද වුන ලොකු කදවුරක්. සාමාන්‍යයෙන් මේ කදවුරේ දෙදාහකට වැඩි පුහුණු වන නැවියන් සහ උපදේශකයන් සිටිනවා. කොහොම හරි කෙටියෙන්ම දැන් වලිය උපරිමේට ඇවිත්. තව ටිකකින් ගමෙන් ගුටිකන්න වෙන තත්වයක් එනකොට මේ ගැන ඉහලට වාර්තා වුණා. ඒ කලේ දක්ෂිණ විධාන අණදෙන නිලදරීතුමත් හොඳ යුධ සෙන්පතියෙක්. එතුමා අණ දුන්නා නිසි පරිදි වැඩේ පාලනය කරන්න කියලා. ඕකට හමුදාවේ වචනයෙන් කියන්නේ ගම සිරෝ කරන්න කියලා.

දැන් ඉතින් මොකද වෙන්නේ කියල කියන්න දෙයක් නැ පින්වතුනි. සියලුම පුහුණුවන නැවියන්ට සහ කනිෂ්ඨ නැවියන්ට දුන්නා Drill weapon (ඔව් ඔව් ඔයාලා දන්නවා විචාරක තුමා කියලා දීලා ඇති.) මදි පාඩුවට උදලු මිටි වගේ අතට අහුවෙන මොනවා හරි. ජේෂ්ඨ නැවියන්ට දුන්නා පතුරම් සහිත සුළු අවි. ඊටපස්සේ ඔයාලා දන්න පරිදි සියලු දෙනා රැස් කරලා ඔක්කොටම නිසිපරිදි උපදෙස් දීලා පිටත් කරා මෙහෙයුමට.

කොල්ලෝ ටික වාහන වලින් කැම්ප් එකෙන් එලියට නිශ්චිත දුරකට ගෙනිහින් දැම්මා. දැන් කනිෂ්ඨ නැවියෝ ඉන්නේ කැම්ප් එකෙන් (අපි කියමුකෝ 1km කියලා) එළියේ කැම්ප් එක කේන්ද්‍ර වන පරිදි රවුමක් ගහලා. මෙන්න මෙහෙමයි ලබීතිබුන අණ "හම්බුවෙන හැම පිරිමියටම පාරක් ගහගෙන ඇතුලට වරෙන්. වලියට අවොත් අතක් හෝ කකුලක් කැඩෙන්න සලකාගෙන කැම්ප් එකට හැකි ඉක්මනින් වාර්තාකරණු." Traning ඉන්න එවුන්ටත් මෙහෙම ආතල් අණක් ලැබුනම කවර කථා ද පින්වතුනි. මේ අතර ජේෂ්ඨ නැවියන්ට වාහන දීලා පාරේ තියෙන ඔක්කොම විදුරු කුඩුවෙන්න වෙඩි තියන් එන්න කියලා අණ දීලා තිබුණා.

ආතල් කොටසට එන්නේ දැන්. වැඩේ නැගලා ගියා. එක අදුනිකයෙක් පොල්ලෙන් වනාගෙන වනාගෙන එනකොට (නැ නැ ඒ පොල්ල නෙමෙයි අර දීපු උදලු මිට. හිත කලබල කරගන්න එපා) මිදුලට පැනපු මැදිවිය ඉක්මවපු පිරිමි කෙනෙක් ඉදිරියට ඇවිත් කගහුවාලු "පුතා පුතා ගහන්න එපා. මගේ පුතාත් Navy එකේ" කියලා. "ආහ්හ් ඇත්තද අංකල් මගේ තාත්තගේ පුතාත් Navy" කියලා ගැහුවලු කකුල කැඩෙන්න.

වැඩේ අහවර වෙනකොට ගම බොහොම නිස්කලංකයි ලු. ඉදිකට්ටක් වැටුනත් සද්දේ ඇහෙන තරමට ගම නිෂබ්ධයි ලු. වැඩේ සාර්ථකව නිම කරපු කට්ටියට පහුවදා දැනගන්න ලැබුනේ අර කියපු තාත්තගේ පුතා යාපනේ අක්භෝ කදවුරේ අණදෙන නිලධාරියා කියලා. වැඩේ පත්තුවෙන්නේ එතැන්සිටයි.

 එදා ඉදන් බුස්සෙන් අක්බෝ කදවුරට නැවියෝ මාරුකරලා යවන්න බැරි තත්වයක් ආවලු. එක නාවික සම්ප්‍රධායක් වුණා කියලයි කතාව. මම දන්න පරිදි දැනටත් කෙලින්ම බුස්සෙන් අක්බෝ කවුරුවත් යවන්නේ නැ. ගියොත් පරණ ඇරියස් එක ගන්න තත්වයක් තියෙන්නේ.

මේවගේ සිද්දි ගොඩක් ත්‍රිවිධ හමුදාවේම සිද්ද වුණා. ඇහැක් විදියට ඉස්සරහට ලියන්නම්කෝ....

No comments:

Post a Comment