Wednesday, August 23, 2017

තවත් අමුතුම සීරෝ කිරිල්ලක් ...

මම දැන් මේ වගේ සිද්දි ගැන ලියනවා වැඩි කියලා හිතෙනව. නමුත් දෙකක් ලියපු එකේ මේකත් ඉතාම කෙටියෙන් ලියලාම අවසන් කරනවා.

මේ සිද්දිය වුනේ 2007 දී නුවර කිට්ටුව අලුතින් ඉදිකර නාවික පුහුණු පාසැලක් කිට්ටුව. තලාතුඔයට නාවික කදවුරක් ආපු එකෙන් අබාධිත නාවික සාමාජිකයන්ට ලොකු වාසියක් වුණා විශ්‍රාම වැටුප ගන්න. දවසක් ඔය විදිහට විශ්‍රමවැටුප ගන්න ගිය අබාධිත නාවික නිලධාරියෙක්ට ත්‍රිවිල් හාදයෙක් ගෙන් අඩන්තේටමක් සිද්ද වෙනවා. කදවුර අලුත් නිසාත්. වැඩි සද්දයක් නැතුව යන පොඩි කදවුරක් නිසාත් ගමේ මදාවි හිතුවේ උන්ට කදවුර බය ඇතියි කියාය.

ත්‍රිවිල් යාළුවන්ට නිසි දීමනාව කදවුරෙන් ලැබෙනකොට ගමේ පොලිස්සිය මැදිහත් වුනේ දන්න අදුරණ ගමේ ත්‍රිවිල් පැත්ත අරං. නමුත් වැඩි ආරක්‍ෂාවට හමුදාවට දැනුම් දුන්නා කලකොලහලයක් මර්ධනය කරගන්න අමාරුබවින් වහාම මැදිහත් වෙන්න කියලා. මතක විදිහට අදාල ප්‍රදෙශේ භාර සිංහරෙජිමේන්තුවේ භට කණ්ඩායමක් අවේ.
ආපු භට කණ්ඩායමේ නිලධාරියට තේරුණා වැඩේ මොකක් හෝ වැරද්දක් සිද්දවෙලා ඇති බව. සිද්දිය සිදුවූ තැනට ලගම නාවික හමුදා කදවුරක් තිබියදී හමුදාවෙන් එන්නේ ඇයි කියා ගැටළුවක් ඔහුට එනකන්ම තිබුණි. අවාම පොලිස්සියේත් සොක්කෝ බෝක්කෝ පමණකි වගකිව යුතු නිලධාරීන් මාරුවෙලා.

දෙපාර්ශවයෙන්ම කරුණු විමසලා පැත්තකට ගෙනිච්ච පොලිස් මහත්වරුන්ට ඇමතුවේ ගමටම ඇහෙන්න "උබලා අපිව ගෙන්නුවේ නාවික හමුදාවට ගස්සවන්නද? ෆෝසස් නම් ෆෝසස්, සිවිල් නම් සිවිල්. කරුණා කරලා උබලා සිවිල් වැඩක් බලාගනිල්ලා. පොලිසියට ගහන්න navy එකෙන් ඇවිත් නැ". අන්තිමේ ගමේ ත්‍රිවිල් යාළුවන්ට අමතපු හමුදාවෙන් කියුවලු "ඊලග පාර උබලා බේරගන්න එන එවුන්ට මගදීම පාරදිලා යවන්නේ අපි. එක නිසා ෆෝසස් එක්ක ගනුදෙනු කරද්දී පරිස්සම් වෙයන් කියලා."
අවසානයේ පොලිස් මහත්තුරු කලිසම් නැතුව මාරු වෙලා ගියා ලු. අන්තිමේ navy එකෙන් තේ එකකුත් බිලාම හමුදාවෙන් ගියා කියලයි කතාව ප්‍රසිද්ද වුනේ. හමුදාපතිවරු දෙන්නා අතරේ ලොකු ගැටුමක් තිබුණාට ඉදලා හිටලා කචල් දාන එකෙක් දෙන්නෙක් හිටියත්, මොලේ තිබුණ පහල මට්ටමේ සැහෙන පිරිසක් හිටියා.
සිවිල් ගැටුමක් කැරළි කෝලාහල පාලනය කරන්න හමුදාව මැදිහත් වෙන හැටි ගැන දැනගන්න ඕන නම් විචාරක තුමාගේ ලිපිය බලන්න මේක හමුදාව කියුවට ත්‍රිවිද හමුදාවටම පොදුයි. කොළබ දී නාවික හමුදාව ගුවන් හමුදාව මැදිහත්වීම දකින්න නැති වුනත් පොතේ හැටියට එහෙම මැදිහත් වීමක් වෙන්න පුළුවන්. උතුරු ප්‍රදේශ වල නම් එහෙම වුන අවස්ථා තියෙනවා. යුද්දේ ඉවර වුනාට පස්සේ හමුදාවටත් සිද්ද වුණා සිවිල් මිනිස්සු එක්ක ඔලුව පාත් කරන් ඉන්න. නැත්තම් ඔය වගේ රස කථා නම් සැහෙන්න ඒ කාලේ සිද්ධ වුණා.

x

No comments:

Post a Comment