Saturday, August 19, 2017

අැරැඹුම....

මම

මම බ්ලොග් ලියන්න හීනෙකින් වත් හිතපු කෙනෙක්  නෙමෙයි. මම වැඩිය බ්ලොග් බලන කෙනෙකුත් නෙමෙයි. මට මේ ලගකදී අසමි දකිමි සොයමි නම් ඉතා හරවත් බ්ලොග් ඒක මුණ ගැහුනා අහම්බයකින්. හරිම අසාවෙන්  ඒක කියවාගෙන යද්දි මට ලොකු උවමනාවක් ආවා මේක ලියන කෙනා අදුරගන්න. හොයලා බලනකොට තේරුණා මම ගොඩක් ප්‍රමාද බව.

ඔහුගේ අඩවියෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා ඇතැම් තැනක මට පෙන්වන්න වැරදි තිබුණා, එකතු කරන්න දේවල් තිබුණා, නමුත් මට කමෙන්ට් එකක් දන්න වත්  blog ගිණුමක් තිබුනේ නැ. මම උත්සහ කරන්නේ තවත් විචාරක තුමෙක් වෙන්න නෙමෙයි. මොකද මම දන්නවා මට එතුමා තරම් අත්දැකීම්, භාෂාවේ දැනුම සහ කාලය නැති බව. මමත් ආරක්ෂක අංශයට සම්බන්දව සේවය කල අයෙක් මි. මම උත්සහ කරන්නේ එතුමාගේ හමුදා තොරතුරු, කතා නැවතුන තැනින් ඉදිරියට ගෙනියන්න. එහෙනම් පොඩි ට්‍රයි එකක් කරලා බලමු!

No comments:

Post a Comment