Sunday, August 20, 2017

යුධ හමුදාවෙන් ටවුමක් සීරෝ කරපු හැටි....

මේකත් සත්‍ය සිදුවීමක් බැවින් නම්ගම් ලබාදිය නොහැක.

මේ සිදුවීම වෙන්නේ මට මතක විදිහට 2002 වසරේ මාර්තු 2 වැනිදා. ස්ථානය හෝමාගම ටවුම. කොහොමත් හෝමාගම කියන්නේ කාඩ්බෝඩ් වීරයෝ වැහි වැහැපු ටවුමක්. විවිධ චන්ඩි කණ්ඩායම් 4 කට වැඩිය හිටියා. හන්දියේ යන එන කොල්ලෙක් නම් ඔය හතරෙන් එකක සම්බන්දකමක් තිබුණා. එක නිසා හැමෝම හිතුවේ තමුන් තමයි චන්ඩි කියලා.

පසුබිම් කතාන්දර නැතුව කෙටියෙන් කියන්නම්. අදාල සිද්දිය මෙහෙමයි. හෝමාගම කියන්නේ ලංකාවේ ලොකුම හමුදා ජනපදයට මායිම් වුන නගරයක්. අදාල සිද්දිය වුන දවසේ සිවිල් ඇදුමින් රාජකාරි කටයුතකට පනාගොඩට වාර්තා කරන්න යමින් සිටි ආබාධිත සෙබලෙක්ට හෝමාගම ත්‍රිවිල් බයියෙක් සද්දයක් දමා කනට ගසා තිබුණා. (මේ ආසන්නතම සිදුවීම පමණි. හමුදා බුද්ධි අංශ කොහොමත් මේ හන්දිය ගැන හැම වෙලාවේම අවදියෙන් හිටියේ. ) අදාළ සෙබලා මේ බව වහාම කදවුරට වාර්තා කරා. දැන් වෙන්නේ මොකද්ද කියල අපහු මුල ඉදන් කියන්න ඕන නැහැ නේ?

වැඩි වෙලාවක් ගියේ නැහැ හමුදා රථ කිහිපයක් පැමිණ මුළු හන්දියම අවරණය වනපරිදි කාටවත් වහනෙකින් පැනලා යන්න බැරි විදිහට පාරවල් හතරම අවහිර කරා. ඊළගට සිදුවුනේ හන්දියේ තිබුණ සිද්දිය දන්න නොදන්නා සියලුම ත්‍රිවිල් 40කට අසන්න ප්‍රමානයක් සම්පුරණයෙන් විනාශ වෙන්න පහර දීලා ගියපු එකයි.
හොදම කතාව වුනේ ඔය අතර සිටියා හමුදා බුද්ධි අංශයෙන් යොදවපු ත්‍රිවිල් පවා. එත් මේවගේ වෙලාවට ඔවුන්ටත් ගුටිකනවා මිසක් වෙන කරන්න දෙයක් නැ. මේ වගේ බුද්ධි අංශ සාමාජිකයින් හමුදාව පොලිසියෙන් අනන්තවත් ගුටි කාලා ඇති. නමුත් ඔවුන් කොචර ගුටි කැවත් කවදාවත් මෙහෙයුම පාවාදුන්නේ නැ.

දැන් කාලේ වගේ හැමොගේම අතේ කැමරා ෆෝන් නොතිබීමත් සමාජ ජාල මජ්ජ වේජියෝ නැති නිසාත් මේවා ලංකාව පුරා ගියේ නැ. නමුත් මේ වගේ ක්‍රියාවන් නොවුනා නම් ගමේ චන්ඩි එක්ක හමුදාවට ඉස්සරහට ඉන්නත් බැරි වෙන්න තිබුණා.

No comments:

Post a Comment